ජනපති හමුවීමට රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට
November 29, 2024 - 3:05 PM
රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (29) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබෙනවා.
එහිදී එම පිරිසට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් කියා සිටියේ තමා බලයට පත් විගස රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර පොරොන්දු වූ බවයි.
ජනාධිපතිවරයා සමඟ එම පිරිසට සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී දිනයන් ලබාදෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළා.
(lknews.lk)