ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල වර්ධනයක්

May 07, 2024 - 11:13 AM
2024 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක්ව පැවති නිල සංචිත වත්කම්වල අගය අප්‍රේල් මාසය වන විට ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩි වී ඇති බව සඳහන්.

මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4 ද ඊට ඇතුළත් බව මහ බැංකුව ප්‍රකාශ කළා.

(lknews)