විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

April 11, 2024 - 6:17 PM
මේ වසරේ ගෙවුනු මාස 3ක කාලසීමාව තුළ විදෙස් සංචාරකයින් 686,321 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වලට අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි වාර්තා වන්නේ.

සංචාරකයින් පැමිණීම මෙලෙසම ඉදිරියටත් සිදුවුවහොත් පසුගිය වසරට සාපේක්ෂව මෙරටට වාර්තාගත ආදායමක් ලබා ගත හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.


(lknews.lk)