කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට අයෙක් රිමාන්ඩ්

January 27, 2024 - 12:04 PM
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාවේ ශාලාධිපතිනිය රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, පසුගිය දා ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඇයව ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.
(lknews.lk)