මොණරාගල දරුවන්ගේ අධ්‍යාපනයටත් අත්වැලක්

July 22, 2024 - 2:21 PM
ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද දැයේ දරුවන්ගේ අධ්‍යාපනය අභියෝගයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04කට අයත් උසස් පෙළ දරුවන් 240ක් හා1 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් 2994ක් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා සිදු වුණා.

උසස් පෙළ දරුවන් වෙනුවෙන් මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් වෙනුවෙන් මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද පිරිනැමීමට එහිදී කටයුතු කර තිබෙනවා.  

ඒ අනුව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 3234ක් බවයි වාර්තා වන්නේ.

මෙම වැඩසටහන සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායකත්වය සපයනු ලබනවා.

(lknews)