මධ්‍යම පළාතේ පාසල් කිහිපයක නිවාඩු දිනයක් ප්‍රකාශයට

November 08, 2023 - 6:00 PM
දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා (13) විශේෂ නිවාඩුවක් ලබාදී තිබෙනවා. 

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබුණා. 
 
එම ඉල්ලීම පිලිගනිමින් මධ්‍යම පළාතේ දෙමළ පාසල් 18 වැනි සෙනසුරාදා අධ්‍යාපන කටයුතු සඳහා සඳුදා නිවාඩු දිනය වෙනුවට පාසල් දිනයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන බවයි ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත්තේ.
(lknews.lk)