දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්

February 09, 2024 - 3:01 PM
රුසියානු ජාතික සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් අද (9) අලුයම 5.45ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, අධිවේගී මාර්ගයේ  සුරියවැව අන්දරවැව හුවමාරුව ආසන්නයේදී අධිවේගය දෙසට ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන්.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් සංචාරකයින් සිව් දෙනෙකු සහ රියදුරුද තුවාල ලබා තිබෙනවා.
(lknews.lk)