ගාල්ලේ රෝහල් අලුත්වැඩියාවට කෝටි 500ක්

February 29, 2024 - 12:28 PM
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ දිසා රෝහල් සහ සෞඛ්‍ය සේවා කාර්යාලවල උපකරණ සහ අලුත්වැඩියාවන් සඳහා රුපියල් කෝටි 500ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඊයේ (28) ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටුවේ දී ඒ මහතා මේ බව අනාවරණය කළා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුත්වැඩියාවන් සඳහා රුපියල් කෝටි 100ක් ලබා දී ඇති බවත් එහි දැනට වැඩ අවසන් නොකළ ඒකකයන් සම්පුර්ණ කිරීමට මෙන්ම නවීන උපකරණ ලබා ගැනීම සඳහා තවත් කෝටි 100ක් මේ යටතේ වෙන් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එම මුළු මුදල ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා යොදවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
(lknews.lk)