ජෙලිෆිෂ් මත්ස්‍යයින් ශරීරයේ ගෑවීමෙන් 12ක් රෝහලට

June 22, 2024 - 11:38 AM
පානදුර මුහුදේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

ඒ ජෙලිෆිෂ් මත්ස්‍යයින් ශරීරයේ ගෑවීමෙන් ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන්.

මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශවූ ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව ඇති බව වාර්තා වනවා.

ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය මැයි සහ අගෝස්තු අතර මාසවල නොගැඹුරු මුහුදේ සිටින බවත් මේ හේතුවෙන් මුහුදු රළ පෑගීම, කිමිදීම සහ වෙරලේ ගැවසීමේදී ඒ පිළිබඳ අවදානයෙන් සිටිම වැදගත් බවත් පරිසරවේදීන් දැනුම් දී තිබෙනවා.

(lknews)