2025 සහ 2027 ආසියානු කුසලාන තරගාවලියන්වල සත්කාරකයන් මෙන්න

July 30, 2024 - 12:00 PM
2025 වසරේ පැවැත්වෙන ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව විසින් දරන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

එමෙන්ම එම කවුන්සිලය සඳහන් කළේ 2027 ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශය විසින් දරන බවයි.

ඉන්දියාවේ පැවැත්වෙන T20 ආසියානු කුසලානයට සහ බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින ආසියානු කුසලානයට තරග 13 බැගින් ඇතුළත් වනවා.

2023 ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජයට පත්කළ ඉන්දියාව වත්මන් ආසියානු ශූරයින් ලෙස 2025 ආසියානු කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

(lknews)