ඩෙංගු රෝගය පාලනය කිරීමට දුරකථන අංකයක්

January 06, 2024 - 3:17 PM
අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළ මහජන ඇමතුම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, 011- 7 966 366 ක්ෂණික දුරකථන අංකයට ඕනෑම දිනයක පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ඇමතුම් ලබා දීමට හැකි බවයි.

මේ හරහා ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැන්වීමට හැකියාව පවතිනු ඇති.
(lknews.lk)