පොල් වගාවේ ගැටලු කියන්න ක්ෂණික දුරකථන අංකයක්

July 31, 2024 - 1:12 PM
පොල් වගාවේ මතුව ඇති ගැටලු ගොවි ජනතාවට සෘජුවම දැනුම්දිය හැකි ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ 1916 ක්ෂණික දුරකථන අංකය එලෙස හඳුන්වා දුන් බවයි.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස 05 වනදා සිට එම දුරකථන අංකය මඟින් දැනුම් දෙන කවර ගැටලුවකට වුවද ක්ෂණික ප්‍රතිචාර දක්වමින් මහජන ගැටළු සඳහා අවශ්‍ය පිළිතුරු ලබා දීමට නිලධාරින් සූදානම් කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති පණ්ඩුක වීරසිංහ සඳහන් කළා.

(lknews)