කොළඹ ඉඩම් සහ නිවාස අයිතිය ලබා දීමට සැරසෙයි

November 13, 2023 - 3:23 PM
2024 වසරේ දී පවුල් 50,000කට පමණ කොළඹ නිවාස අයිතිය ලබා දෙන බවත් ඉඩම් හා නිවාස අයිතිය පූර්ණ වශයෙන් ජනතාවට ලබා දෙන බවත් මේ ක්‍රමය අනුව මෙරට ජනගහනයෙන් සියයට සියයට හැත්තෑවක් පමණ ඉඩම් සහ නිවාස අයිතිකරුවන් බවට පත් වෙන බවත් අයවැය කතාව ඉරිදිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

එමෙන්ම නාගරික නිවාස හිමිකම් අඩු ආදායම්ලාභීන් සඳහා කුලී පදනමට ලබා දී තිබෙන බවත් මේ පවුල්වලින් කුලිය අය කර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර එම නිවාස වල පූර්ණ අයිතිය ඔවුන්ට ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. 
 
ඒ අනුව අපේ ගම්බිම් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට ලබා දෙන බවත් පවුල් ලක්ෂ විස්සකට මේ මගින් ඉඩකඩම් ලැබෙන බැවින් ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වෙන් කෙරෙනු ඇති.
 
මේ අතර වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන බවත් මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
(lknews.lk)