ගාසා තීරය පිළිබඳ යෝජනාව ඇමරිකාව ප්‍රතික්ශේප කරයි

December 09, 2023 - 1:19 PM
ගාසා තීරයේ ක්ෂණික මානුෂීය සටන් විරාමයක් සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉල්ලීම ඇමරිකාව නිෂේධ බලය යොදා ගනිමින් ප්‍රතික්ශේප කර තිබෙනවා.

මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කෙටුම්පත් යෝජනාවකට පක්ෂව සාමාජිකයින් 13 දෙනෙකු ඡන්දය ලබා දුන් අතර, බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා.
(lknews.lk)