IMF ණය ලැබුණේ රනිල්ගේ වැඩ හොඳ නිසා

June 13, 2024 - 3:15 PM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ 3වන වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූල්‍ය විනය සහ කැපවීම මත බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහ ලේකම් රවී කරුණානායක පවසනවා.

එමෙන්ම ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය මෙසේ අනුමත වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සුභ පැතුම් එක් කර තිබෙනවා.

 “Twitter” පණිවිඩයක් නිකුත් කරමින් ලේකම්වරයා මේ බව කියා සිටියා.

(lknews)