iPhone 12 අලෙවියට තහනමක්

September 13, 2023 - 5:39 PM
ප්‍රමාණය ඉක්මවා විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය කිරීම නිසා iPhone 12 අලෙවිය නවත්වන ලෙස ප්‍රංශය පවසනවා.

මීට අමතරව පවතින ජංගම දුරකථන නිවැරදි කරන ලෙසද ඔවුන් නියෝග කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ප්‍රංශ ගුවන්විදුලි සංඛ්‍යාත නියාමනය කරන ඒජන්සිය වන ANFR අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම ආකෘතිය අවසර දී ඇති ප්‍රමාණයට වඩා ශරීරයට අවශෝෂණය වීමට ඉඩ ඇති විද්‍යුත් චුම්භක තරංග වැඩි ප්‍රමාණයක් විමෝචනය කරන බවයි හෙළිවී ඇත්තේ.
(lknews.lk)