ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

November 26, 2023 - 11:10 AM
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස, ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

අවබෝධ කර ගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදුව තිබෙනවා.
(lknews.lk)