භාණ්ඩ ආනයන සීමා ඔක්තෝබර් මාසයේ සිට ලිහිල් කරයි

September 23, 2023 - 12:43 PM
පෞද්ගලික වාහන හැර දැනට සීමා කර ඇති සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමාවන් ඔක්තෝම්බර් 1 වැනිදා සිට ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

පෞද්ගලික වාහන ආනයනය හැර අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වී රාජ්‍ය ආදායම ඉහළ යැවීම සහ විදේශ විනිමය වැඩි කිරීමෙන් පසු පෞද්ගලික වාහන ආනයනය කිරීම ගැන සලකා බැලිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)