කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන සහල් වර්ගයක් ආනයනයට අවසර

December 19, 2023 - 2:26 PM
කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මතයි. 
 
ඒ අනුව 2023.11.20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එයට අනුමැතිය හිමිව තිබුණා.
 
දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිළේ තරගකාරීත්වයක් ඇති කරමින්, එම වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතයි. 
 
වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
(lknews.lk)