වැස්සත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

September 04, 2024 - 2:08 PM
මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම දෙසැම්බර් මාසය වන විට ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙන බවයි.

වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 36,642ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 17 දෙනෙක් මියගොස් ඇති බවයි.

(lknews)