මත්පැන් මිල ඉහළ යාම සම්බන්ධව දැනුම්දෙයි

January 02, 2024 - 3:14 PM
විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 400කින් පමණ ඉහළ යා හැකි බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසනවා. 
ඒ වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන්. 
 
ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ඉහළ නංවමින්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. 
 
ඒ අනුව මෙරට පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරනු ලබන්නා වූ විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ඉහළ නංවන බව එහි සඳහන් වනවා. 
 
එමෙන්ම මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600ක් වන බද්ද රුපියල් 7,320ක් දක්වා ඉහළ නැංවෙනු ඇති. 
(lknews.lk)