බිත්තර සම්බන්ධව රේගුව සමඟ ගැටුමක්

September 18, 2023 - 1:39 PM
ඉන්දියාවෙන් මෙරටට ආනයන කරන ලද නරක් වූ බිත්තර කන්ටේනර් දෙකක් රේගුවේ ගබඩා කර තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරනවා.

එම පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පැවසූවේ අදාළ බිත්තර තොගයට නිසා රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකි වීමෙන් විශාල පාඩුවක් මෙරටට සිදු වී ඇති බවයි.

එම නරක් වූ බිත්තර තොගය මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා වල දැමීමේ සූදානමක් පවතින බවත් ඔහු අනාවරණය කළා.

වැඩිදුරටත්අදහස් දක්වමින් අසේල සම්පත් මහතා සඳහන් කළේ, මෙහි සැබෑ තත්ත්වය ගැන සියළු වගකිව යුතු නිලධාරීන් මහජනතාවට හෙලිකළ යුතු බවයි.

කෙසේවෙතත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි රේගු අධ්‍යක්ෂ සහ එහි මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.

ඔහු කියා සිටියේ එවැනි කිසිඳු බහාලුමක් රේගුව භාරයේ තබාගෙන නොමැති බවයි.
(lknews.lk)