ඇමති විජිතගෙන් පොලිසියට උපදෙස්

October 15, 2024 - 12:24 PM
දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරී කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට හැකියාව තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ පොලීසියට ජනතාවගෙන් එල්ල වූ චෝදනාවලින් නිදහස් වීමට දැන් කාලය එළඹ ඇති බවයි.

කළුතර පොලිස් පුහුණු පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පොලීසිය පිළිබඳ තිබෙන ආකල්ප වෙනස් කළ යුතු බවත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී දේශපාලන බලපෑම්වලින් තොරව තම රාජකාරිය, වගකීම්, නිවැරදිව ඉටුකිරීම සඳහා කැපවිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

(lknews.lk)