පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට වසර 06ක සිරදඬුවම්

December 14, 2023 - 1:08 PM
සමාජ මාධ්‍යජාලය ඔස්සේ තායිලන්තයේ රාජකීය පෙළපතට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රුක්චනොක් ශ්‍රිනෝක්ට වසර 6ක සිර දඬුවම් නියම වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එරට ‘මූව් ෆෝවර්ඩ්‘ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන 29 හැවිරිදි ශ්‍රීනෝක් වසර 2020 දී තායිලන්ත රජු වන මහා වජිරලොංකෝන්ට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලැබූ කොවිඩ් එන්නත් වර්ගයක් සම්බන්ධව විවේචනය කරමින් Twitter (X) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තැබූ සටහනකින් එම අපහාසය සිදුවූ බවයි තහවුරු වී ඇත්තේ. 
 
එරට රාජකීය නීතියට අනුව වසර තුනක සිර දඬුවමක් සහ පරිගණක අපරාධ පනත යටතේ තවත් වසර 3ක් ඇතුළත්ව මේ සිර දඬුවම පනවා තිබෙනවා. 
 
ඇය මේ වන විට තායිලන්ත භාත් ලක්ෂ තුනක ඇප අයැදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඇගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් පාර්ලිමේන්තුවෙන් ද නෙරපා දමනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(lknews.lk)