උපුල් තරංග අත්අඩංගුවට ගැනීම වළකමින් අතුරු තහනම් නියෝගයක්

October 16, 2024 - 1:06 PM
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වලක්වාළමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා මාතලේ මහාධිකරණ වරෙන්තුවක් නිකුත් කළා.

ඒ අනුව උපුල් තරංග විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයාට සහ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ටද තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

(lknews.lk)