චන්න ජයසුමනට ජාත්‍යන්තර සම්මානයක්

February 19, 2024 - 1:45 PM
ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය විසින් මහාචාර්ය චන්න ජයසුමන මහතාට විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් සම්මානයක් පිරිනමා තිබෙනවා.

ඒ 2019 වසරට අදාළව විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන්.

කෙසේ වෙතත් අදාළ සම්මානය ලබා දීමට ප්‍රමාද වී ඇත්තේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
 
මෙම සම්මානය ඔහුට පිරිනමා ඇත්තේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ දායකත්වය මතයි.

ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී එහි අධ්‍යක්ෂ තෙරේසා හැරිස් මහත්මිය විසින් මෙම සම්මානය මහාචාර්ය ජයසුමන මහතාට පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.
(LKNEWS)