චීන පොහොර නැවේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක්

December 08, 2023 - 1:13 PM

චීන පොහොර නැවේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අධිකරණ විනිශ්චකාරවරයෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා

ඒ අනුව අද (08) දින එම ස්වාධීන පරීක්ෂණය සඳහා විනිශ්චකාරවයෙකුගෙන් යුතු කමිටුව පත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එම ලබා දෙන නිර්දේශ මත චීන පොහොර නැව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන්.

චීන පොහොර ගෙන්වීම හේතුවෙන් ඩොලර් මිලියන 6.7ක පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
(lknews.lk)