ඩාලි නෞකාවේ තිබූ ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂණයක්

April 02, 2024 - 12:00 PM
ඇමරිකාවේ බැල්ටිමෝර්හි පාලමේ ගැටී අනතුරට ලක් වූ ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබූ ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට නිසි අවසරයක් ලබා ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් එම නෞකාව එලෙස ගැටුණු නිසා එහි තිබූ භාණ්ඩ පිළිබඳව දැන ගැනීමට හැකි වූ බවයි.

(lknews.lk)