චීනයෙන් ජනපති අනුරට ආරාධනාවක්

November 26, 2024 - 4:36 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක හට චීනයේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් ලැබී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය භාරදී ඇති බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉන්දියාව සිදු කළ ආරාධනයකට අනුව දෙසැම්බර් තුන්වන සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත විමට් නියමිතව තිබෙනවා.

(lknews.lk)