ඊශ්‍රායල අර්බුදය උත්සන්න වුණොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වීමට පියවර

August 02, 2024 - 9:33 AM
ඊශ්‍රායල අර්බුදයත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.

ඒ අනුව අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.  

(lknews)