ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු අද

October 12, 2023 - 11:46 AM
අසහාය රංගධර ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අද (12) සවස 3:00 ට සිදු කෙරෙනවා. 

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය කඩවත රාගම පාරේ අංක 90/A,58 නිවෙසට ඊයේ (11) පෙරවරුවේ රැගෙන ආ අතර අද දිනයේ අවසන් ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබෙනවා. 
 
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පෙරේදා සහ ඊයේ දිනවල පැමිණි අතර කලාකරුවන්, දේශපාලනඥයන්, ආගමික නායකයන් ඇතුළු රසික රසිකාවියෝ ඒ අතර වුණා. 
 
මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා අනුරාධපුර තලාව පාරේ මොරගොඩදී අනතුරකට ලක්ව අවුරුද්දකුත් මාස දෙකක කාලයක් (මාස 14ක්) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගියා.
(colombotimes.lk)