යුක්තිය මෙහෙයුම නැවත කරළියට

December 27, 2023 - 11:12 AM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇති යුක්තිය මෙහෙයුම අද (27) සිට යළි ආරම්භ කරන බව පොලීසිය පවසනවා.

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරී කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් දින 03ක් මෙහෙයුම් කටයුතු අඩු කර තිබුණා.

මෙම මෙහෙයුම හරහා පසුගිය 25 වන විට මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 13,666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් 1,097 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.
(lknews.lk)