ඊයේ රාත්‍රියේ කන්දකාඩුවෙන් පලාගිය රැඳවින් 102ක් සොයා ගනී

December 12, 2023 - 7:48 AM
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය රැඳවියන් 102 පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පුනරුත්ථාපන ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පලාගිය තවත් රැඳවියන් 37 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

දිර්ඝකාලීනව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අධිකරණ නියෝග මත එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා තබා තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේදී විවිධ ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කරමින් මෙම රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබුණා.
(lknews.lk)