කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කෙරේ

February 03, 2024 - 11:51 AM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) දිනයේදී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළවයි.   

ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා ලබාදුන් නියෝගයට අනුව අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි.
(lknews.lk)