කෙහෙළිය සිංගප්පූරුවේ බෙහෙත් ඉල්ලයි

February 05, 2024 - 8:51 PM
බන්ධනාගාරගතව ප්‍රතිකාර ලබන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් ගෙන්වපු බෙහෙත් බීම ප්‍රතික්ෂේප කරන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළා.

 ඒ වෙනුවට සිංගප්පූරුවෙන් ගෙන්වපු බෙහෙත් තමන්ට ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා ඇති බව ඒ මහතා කියා සිටියා.

එමෙන්ම බන්ධනාගාරගතව රෝහලේ සිටීමට අමාරු බැවින් පෞද්ගලික රෝහලක නවාතැන් දෙන ලෙසද ඉල්ලා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(LKNEWS)