මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට වකුගඩුවක් විකුණූ පුද්ගලයෙකු අත්අඩංගුවට

January 27, 2024 - 11:43 AM

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා තම වකුගඩුව අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්, කාතන්කුඩි ප්‍රදේශයේ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලධාරීන් විසින් නම හෙළි කර නොමැති සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළා.

පොලිසිය අනාවරණය කළේ සැකකරු සතුව අයිස් නමැති මත්ද්‍රවය ද තිබී හමුවූ බවයි.

පොලිස් වාර්තාවලට අනුව සැකකරු මීට ටික දිනකට පෙර කොළඹදී තම වකුගඩුව විකුණා තිබෙනවා.

ඒ සමඟ ශ්‍රී ලංකාව තුළ අවයව ජාවාරමක් පිළිබඳ සිදුවීමක් ද අනාවරණය වී තිබෙන බවයි පොලීසිය පැවසුවේ.

(lknews.lk)