මියගිය පලස්තීනුවන් ගැන නවතම දත්ත නිකුත් වෙයි

December 21, 2023 - 5:42 PM
පසුගිය ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයට බෝම්බ හෙලීමට පටන් ගත් දා සිට ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 20,000 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

දින හතක සටන් විරාමය හැර ගැටුමේ ආරම්භයේ සිට දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයන් 300කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි ගාසාවේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් ගාසා තීරයේ වෛද්‍යවරු පවසන්නේ මෙම දත්තවලට විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් යට වළලනු ලැබූ හෝ රෝහල් වෙත ගෙන යා නොහැකි වූ සිරුරු ඇතුළත් නොවන බවයි.

ඒ හේතුවෙන් අදාළ මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගත හැකි බව සඳහන්.
(lknews.lk)