පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 23ක් ජීවිතක්ෂයට

July 17, 2024 - 11:44 AM
පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙක් මිය ගොස් තවත් 14 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බස් රථය අඩි 656ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම අනතුර සිදුවන විට බස් රථයේ පුද්ගලයින් 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

(lknews)