කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කෙරේ

January 02, 2024 - 6:35 PM
කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ලබන 21 වැනි දාට පෙර ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

එහෙත් එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බව ඔහු සඳහන් කළා.

ඒ අනුව ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ.
(lknews.lk)