කොල්ලුපිටියේදී මගී බස් රථයකට ගසක් කඩා වැටෙයි - තුවාල ලැබූ පිරිස රෝහලට

October 06, 2023 - 11:28 AM
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබෙනවා. 

ඒ අද (06) අලුයම 6ට පමණයි. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බව පොලීසිය සඳහන් කළා. 
 
මෙම අනතුරින් පුද්ගලින් 17 දෙනෙකු තුවලා ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

සිදුවූ අනතුරින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එමෙන්ම බස් රථය තුළ සිර වී සිටින මගින් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව ද සඳහන්.
 
ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ - දෙනියාය බස් රථයක්. 
(lknews.lk)