මහනුවරට නායයෑමේ රතු නිවේදන

December 05, 2023 - 8:41 AM

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට රතු නිවේදන ඇතුළුව දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එමෙන්ම කළුතර, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති එම අනතුරු ඇඟවීම් අද (05) සවස 1 දක්වා බලපැවැත්වෙනු ඇති.
(lknews.lk)