මෙරට බේකරි විශාල ප්‍රමාණයක් වැසෙයි

February 22, 2024 - 5:08 PM
වැට් බදු සහ අධික ජල, විදුලි බිල්පත් හේතුවෙන් රට පුරා බේකරි දහසකට අධික ප්‍රමාණයක් වැසි ගොස් ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, පාරිභෝගිකයින් පාන් පරිභෝජනයෙන් ඉවත් වීම සහ බිත්තර මිල ඉහළ යෑම නිසා මෙලෙස බේකරි කර්මාන්තය පසු බෑමකට ලක්ව ඇති බවයි එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ.
(lknews.lk)