ලොකු ලූණු ගබඩාවක් හසුවෙයි

December 22, 2023 - 1:59 PM
ආනයනික ලොකු ලූණු තොග ගබඩා වල සඟවා වැඩි මිල ගණන් යටතේ අලෙවිකිරීම ගැන ලද තොරතුරු අනුව පාරිභෝගික අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ තොග ගබඩාවක් පරික්ෂා කිරීමේදී පකිස්ථානය, ඉන්දියාව සහ ඉරානය ඇතුළු රටවල් රැසකින් ගෙන්වා තිබු ලොකු ලූණු තොග හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ලූණු තොග ගෙන්වන ලද සමාගම් හෝ අලෙවි ජාලය සම්බන්ධයෙන් නිසි තොරතුරු එහි සේවකයන් තුළ නොතිබූ බවත් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා.

ඊට සම්බන්ධ වූ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක කුමාර මහතා සඳහන් කළා.
(lknews.lk)