ට්‍රම්ප්ට වෙඩි තැබීමේ සිද්ධියේ නවතම තත්වය මෙන්න

July 15, 2024 - 2:37 PM
රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ රැලියක් අමතමින් සිටින අවස්ථාවකදීයි.

මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ අසල ගොඩනැගිල්ලක වහලේ සිටයි.

ට්‍රම්ප්ට වෙඩි තබා තත්ත්පර කීපයක් යද්දී, තුවක්කුකරු සිටි තැන දැනගත්, සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක අංශයයේ ස්පයිපර් තුවක්කුකරුවෙක්, ඔහුව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

මෙලෙස වෙඩි තබා ඇත්තේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයෙක්.

නමුත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ.
(lknews)