ආදායම් බලපත්‍ර ගැන නවතම නිවේදනය මෙන්න

June 04, 2024 - 12:05 PM
බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් පවසනවා.

ඒ අනුව ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (03) සිට ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියා.

වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් 100ක අමතර මුදලක් අයකරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

(lknews)