පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව ගැන අලුත්ම නිවේදනය මෙන්න

June 12, 2024 - 2:56 PM
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සඳහා පත් කළ කමිටු වාර්තා 2024.06.14 දින ලැබීමට නියමිතයි.

එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් ඒ අනුව එම දීමනා වැඩි කරන බවයි වාර්තා වන්නේ.

මීට පෙර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ අද (12) දහවල් 2.00ට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.

(lknews)