ලාෆ්ස් ගෑස් සිය මිල ගැන තීරණයක් ගනී

November 06, 2023 - 8:55 AM
ලාෆ්ස් ගෑස් සමාගම මේ මස ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල සංශෝධනය නොකරන බව පවසනවා. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකියි. 
 
එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කළේ,ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ලාෆ්ස් ගෑස් මිළ ද ඉහළ දැමිය යුතු වුවත් මේ මාසයේදීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බවයි.
(lknews.lk)