මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ත්‍රස්තවාදයට සම්බන්ධව ලිපියක්

September 13, 2023 - 2:47 PM

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පතේ පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

එම පනත් කෙටුම්පතට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇති බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

‘ත්‍රස්තවාදයට එරෙහි’ පනත් කෙටුම්පත මීට පෙර 2023 මාර්තු 17 වැනි දින ගැසට් කරන ලද පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපතක් වනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මාර්තු මස නිකුත් කරන ලද පනත් කෙටුම්පත පිළිබඳ නිර්දේශ ලබා දී ඇති අතර සංශෝධිත පනත් කෙටුම්පතේ පිටපතක් ලැබුණු පසු එයට නිරීක්ෂණ හා නිර්දේශ ලබාදිය යුතු බවයි.
(lknews.lk)