දීර්ඝ සිරදඩුවමකින් නිදොස් වූ පුද්ගලයා

December 21, 2023 - 2:59 PM
දීර්ඝ කාලයක් සිරගතව සිට නිදොස් කොට නිදහස ලැබූ රැඳවියා බවට අමෙරිකාවේ Glynn Simmons පත් වී තිබෙනවා.

ඔහු වසර 28ක්, මාසයක්, දින 18ක් සිරගතව සිටි බව වාර්තා වෙනවා.

ඔහු 1974 වර්ෂයේදී ඝාතනයක් සම්බන්ධයෙන් සිර ගත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහුව නිදහස් කර ඇත්තේ ඔක්ලහෝමා විනිසුරුවරයකු විසින්ය. එලෙස ඔහුව නිදහස් කරන විට ඔහුගේ වයස 70 හැවිරිදි වියේ පසුවිය.

ඔක්ලහෝමා නගරයේ තදාසන්න ප්‍රෙදේශයක මත්පැන් අලේවිසැලක් කොල්ලකෑමක දී කැරොලින් සු රොජර්ස් නම් පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධව Glynn Simmonsට චෝදනා එල්ල වී තිබෙනවා.
(lknews.lk)