ලෝ-ලෙවල් මාර්ගයේ කොටසක් පැය 19ක් වැසේ

January 05, 2024 - 4:08 PM
ලෝ-ලෙවල් මාර්ගයේ, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත දක්වා මාර්ගය පැය 19 ක් වසා තැබෙන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම්දෙනවා. 

ඒ ජල සැපයුම් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. 
 
ඒ අනුව හෙට (6) රාත්‍රී 10.00 සිට ඉරිදා (7) පස්වරු 5.00 දක්වා එම කොටස වසා තැබෙන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම්දෙනවා. 
 
එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය විසින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(lknews.lk)